Tuesday, January 5, 2010

Tuesday, December 29, 2009


අපට අන්තර් ඡුාලයේ සැරිසරා අපේ දස්කමි පෙන්විමට ආශාව ඇතත් ඒ සදහා අන්තර් ඡුාල පහසුකමි නැති බැවිනි් අපි විසින් නිර්මාණය කළ අපේ නිර්මාණ ඇතුලත් කල නොහැකිව සිටිති‘‘නමුත් අපහට අන්තර් ඡුාල පහසුකමි ලබාදෙන බවට අපගේ උත්සවයට පැමිණි ඇමති තුමා නමි පැවසුවා ’’

Wednesday, November 4, 2009

Saturday, October 31, 2009





විශේෂ බළකා විරුවෙකුගේ සුන්දරත්වයේ අසුන්දර අත්දැකීමක්

මා පළමුව යූධ සෙබළෙක් වශයෙන් ප‍්‍රදීප් ද සිල්වා රණවිරුවාට ස්තූතිවන්ත වෙනවා අපගේ
අත්දැකීම් අන්තර්ජාලය හරහා අපේම අදහස් අපවිසින්ම ප‍්‍රකාශ කිරිමට දැනුමක් ලබාදී අප
වැනි ශ‍්‍රී ලංකා යුධ හමුදාවට ගිය සෙබඵන්ට යුද්ධය පමණක් නොව සමාජයේ ඇතිි ඕනෑම
අභියෝගයකට නොබියව එඩිතරව මුහුණ දිමේ හැකියාව ඇති බව ලොවට පෙන්වා දීමට ඔබ ගන්නා
උත්සාහය දිනෙන් දින දියුණුවට පත්වේවා!. ඔබට නිරෝගීසුව ලැබේවා.! පතමි



1973 වර්ෂයේ දකුණු පළාතේ මාතර දිස්ත‍්‍රික්කයේ කදුරුවාන නම් සුන්දර දුෂ්කර ගමක ඉපදුනු මා හට 1993 වර්ෂය වන විට 20 වන වියට පා තැබුවා පමණි එම වකවාණුව වනවිට ගොඩින් දියෙන් හෝ ගුවනින් සටනට අවතීර්ණ වි ඕනෑම අවස්ථාවක ත‍්‍රස්තවාදීන් සමග සටන් කිරිමට රණබිමේ ඉදිරියෙන්ම සිටින ‘‘අධිෂ්ථානයෙන් අභිතව අරමුණ කරා’’ තේමාව රැුගත් ශ‍්‍රි ලංකා යුද හමුදාවේ ‘‘විශේෂ බළකායට” උපන් දේශය වෙනුවෙන් සේවයක් කරන්නට මම එක්වුනෙමි. අතිදුෂ්කර පුහුණු පාඨමාලාවක් හදාරා විශේෂ බලකා සෙබළෙකු වී අනතුරුව මා සටන් බිමට අවතිර්ණ වුයේ දෙමව්පියන්ගේ ආශීර්වාදයද සහිතවය.
යාපනය කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීම ස`දහා 96 වර්ෂයේදී දියත් කළ ”රිවිරැුස” මෙහෙයුමට පළවන විශේෂ බළකායට විශේෂ රාජකාරියක් ලෙස යාපනය නල්ලූර් ප‍්‍රදේශයේ කුඩා කණ්ඩායම් ලෙස ඉදිරියට ගොස් ත‍්‍රස්තවාදී ඉලක්කවෙත ක්ෂණික ප‍්‍රහාර ඵල්ල කිරිමට පැවරුණි, 1996-11-01 වන දින ත‍්‍රස්තවාදීන් සමග දිනය පුරාම දරුණු ලෙස සටන් වදිමින් නල්ලූර් ප‍්‍රදේශයේ තිබූ ඔවුන්ගේ බූගත රෝහලක් අල්ලා ගැනීමට අපට හැකිවිය. වේලාව සවස 0630 ට පමණ ඇත. සටන් කරමින් ඉදිරියට යමින් සිටි අවස්ථාවේ. මා ළ`ග සිටි සගයා ඉදිරියට යෑමට මදක් හිස එසවුවා පමණි ඔහුගේ මුහුණ පසාරු කරගෙන ත‍්‍රස්තවාදීන්ගේ වෙඩි උණ්ඩ කීපයක් එල්ලවුනි. මා ඉදිරිපිටදී දුටු මේ අනපේ‍්‍රක්ෂිත දසුන කිසිදිනක මට අමතක නොවේ. මගේ මිතුරා මරුවැළද ගනිමින් විලාප දුන් අයුරු අදටත් මා සිත කම්පා කරයි. සටන් බිමේදි කිසිවිටකවත් සහෝදර සෙබඑන් හැර දමා නොයන අප දරුණු සටන් මැද ඔහුගේ නිසලවු දේහයද රැුගෙන තවදුරටත් ඉදිරියට ගියෙමු. රාත‍්‍රී 7 ට පමණ අධික වර්ෂාවක් ඇදහැලෙන්නට විය. නිළ ඇදුම් තෙත බරිතවිය. එහෙත් අපගේ මෙහෙයුම නතර නොකොට ඉදිරියටම යමින් සිටියෙමු. මා අත වු බර අවිය ජී.පී.එම්.ජි ස්ථානගත කොට ඉදිරියෙන් ඵන සතුරා නිරික්ෂණ කරමින් සිටියෙමි. රාත‍්‍රී 7.40 ට පමණ ත‍්‍රස්තවදීන් 25 ක් පමණ ඵන බව මට නිරීක්ෂනය විය. මා මාගේ සගයන්ට ඒ බව දැනුම් දී ත‍්‍රස්තවාදින්ට ප‍්‍රහාරයක් දියත් කළෙමි. විනාඩි 40 ක් පමණ ඵකදිගටම සටන පැවතුණ අතර මෙම සටනින් ත‍්‍රස්තවාදීන් 15ක් පමණ අපගේ ප‍්‍රහාරවලින් මරමුවට පත්විය. නොසිතු අයුරින් මගේ ඉරණම වෙනස් වුවා මම ඉන්න ආසන්නයේම මෝටාර් බොම්බයක් පතිතවි පුපුරා ගියෙ ගිනිජාලාවක් මතුකරවමිනි. එහින් ඇතිවු කම්පනය නිසා මා බිම ඇදවැටුණු අතර මා නැවත නැගි්ට්ටා. නමුත් ඇවිදින්න ගත් උත්සාහය සාර්ථක නොවිය ඇනපේ‍්‍රෂ්ත ලෙස නැවතත් මට වෙඩි ප‍්‍රහාරයක් කකුළට වැදුනේ කුලූගෙඩි පාහරක් වැදුනා සේය. මා නැවතද ඇද වැටුනා.නැවත නැගීටින් උත්සාහා ගතද අසාර්ථක විය. මගේ රුදිරය නිළඇදුමත් තෙත්කර මව්බිමට ගලන අයුරු මා සිතට දැනිනි ඝණ අන්දකාරය නිසා මා අවට කිසිවක් නොපෙනයි. අතීතයේ සිදුවූ සියලූ දේ මට මැවිලා පෙනුනා. මගේ අම්මා මට මතක් වුනා. මට මොනවා හරි වුනොත් අම්මාට ඵය විද දරාගන්න අමාරුයි, මම හිතුවේ මම මැරේවි කියලා. මම දැකලා තියෙනවා මගේ මිතුරන් මේ මව්බිම රතු රුධිරයෙන් තෙත්කර දැයෙන් සමුගත් අයුරු සහිපත් වුයේ මා වැටි සිටියද තවත් වෙඩිහඩ පැවති නිසාය. ටිකින් ටික වෙඩි අඩුවු වේලාවකින් පරිසරය නිහඬ වු නිමේෂයේ දයාබර සෙබළ සොයුරන් සොයා දිව ඇවිත් මාව ගන්නා විට අත් දෙකත් සහ දෙපා බරපතල ලෙස තුවාල සිදු වි තරමක වේදනාවේන් මා පසුවිය. තවදුරටත් සතුරු ප‍්‍රහාර එල්ල වෙමින් පැවති අවස්ථාවේ මා සහෝදර සෙබලූන් මා ප‍්‍රතිකාර සදහා රෝහලට රුගෙනයාමට ඝණ අදුරේ ත‍්‍රස්තප‍්‍රහාර මැද්දේ බොහෝ වෙහෙසක් දැරිය.මෙවන විට මට තරමක අවසියට පත්වෙමින් සිටියදි ගුවන් යානාවකින් රෝහල් වෙත රුගෙන ඵන ලදි නමුත් මම හිතුවේ මට නැවත යුධ ඛිමට එන්න පුඳිවන් වේවි කියලා. දින 3න කට පසු පියවි සිහියට පත්වනවිට මා කොළඔ යුධ හමුදා රෝහලේ ඇදක් මත දැතට යකඩ කම්බි දමා අත් දෙක හොලවන්නවත් දෙපාබිම තබා ඇවිද ගන්නවත් බැරිව සිටියහ. හමුදා රෝහලේ මාස 09 ක් සිටිමෙන් පසු පුර්ණ ආබාධිත සෙබළෙ පත්විය . ඒ කාලයේ යුධ හමුදාවේ මව්බිම වෙනුවෙන් කළ සේවයට විශේෂ බළකා සේවා පදක්කම. පුර්ණභුමි පදක්කම. උතුරුනැගෙහිර සේවා පදක්කම දේශප‍්‍රත‍්‍ර පදක්කම. යන පදක්කම්වලින් පිදුම් ලබා ඇත.මා තුවාල වු කාලයේ දි යුධ හමුදාවෙී වෛද්‍ය වරුන් හා සේවක/සේවිකාවන් (කාර්්‍යමන්ඩළයේ සියඵම දෙනා*මගේ සියඵ වැඩ කර දුන්නාය, ඒ අය තමා මට කෑම කාවමින් පොවමින් නාවමින් මගේ එදින දා වැඩකටයුතු කර මට පිහිටවු ඒ අයට පිංසිදු වෙන්න මම අද මගේ වැඩ කටයුතු තනියම කරගෙන යනවා. ඒ සියඵම දෙනාට ජාති ජාතිත් පිංසි¥වේවායි කියා අදත් මා ප‍්‍රාර්ථණා කරමි. මා නැවත යුධ බිමට යාමට නොහැකි පූර්ණ ආබාධිත සෙබලෙක් වි යුධ හමුදාවෙන් ඉවත්වුණිමි . පාඵව තනිකම රජවුන මගේ ජිවිතයට නව ජිවයක් ලබා දෙමින් සංසාරේ සොයා බවයෙන් බවයේ බවයට පෙරුම් පුරා ආ සෙවනැල්ලක් මෙන් මට මාගේ සොදුරිය හමුවූවා. මම ඇය සමග විවාහ විය. දැනට දුවෙක් සහ පුතෙක් ඉන්නවා මගේ ඛිරිඳ මාගේ සෑම වැඩකදීම මට උදව් වෙනවා ඇය විටක යෙහෙළියක් මෙන්ය. දුව පාසල් යනවා ගලහිටියාව හේමමාලී වි¥හලේ 03 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා අපි අපේ පුංචි කැදැල්ලෙ සතුටින් ජිවත්වෙනවා.




පසන්ත ඒ වි ජි


NO 188 පීටර් සිල්වා මාවත


හොරගොල්ල ගණේමුල්ල


071-2114919